හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ නීතීඥ කාර්යාලයක් පවත්වාගෙන යන නීතිඥවරියකට සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් පුද්ගලයකු අද(08) දින අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරු පහර කෑමට ලක් වූ නීතිඥවරියගෙන් නඩුවක් සම්බන්ධයෙන් සේවාවක් ලබාගෙන එම සේවාව නිසිලෙස සිදු නොවූ බවට පවසමින් වියදම් කළ මුදල් යළිත් ඉල්ලා පැමිණිලිකාර නීතිඥවරියට මෙලෙස පහර දී ඇති බව සදහන් .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකරුවෙකි.
සැකකරු අද (08) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .














































