මත්පැන් පානය කරමින් සිටිය දී ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට කැත්තකින් පහර දී ඝාතනය කර සිරුර පුළුස්සා දමා ඉතිරි වූ සිරුරු කොටස් මුතුරාජවෙල වගුරු බිමේ සැඟවූ සැකකරුවෙකු පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙලෙස ඝාතනය වී ඇත්තේ පමුණුගම , තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ලයෙක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව සඳහන් වේ.














































