හික්කඩුවේ නාරිගම පොලිස් ජීවිතාරක්ෂක ඒකකය අසල දී දියවැලකට හසුවී ගසාගෙන යමින් සිටි විදෙස් ජාතිකයෙක් නිරුපද්‍රිතව බේරාගෙන තිබෙන බව වාර්තා වේ .
අදාළ විදේශිකයා මීටර් 500ක් පමණ ඈතට ගසාගෙන ගොස් ඇති අතර නාරිගම පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් විදේශිකයාව බේරාගෙන තිබේ.
එලෙස බේරාගෙන ඇත්තේ අවුරුදු 39ක් වූ රුසියානු ජාතිකයෙකි.














































