කොළඹ ජාතික රෝහලේ අද (28)දින හදිසි මරණ පරීක්ෂකවරියට මැර ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වේ.
උදෑසන රාජකාරියට වාර්තා කිරීම සදහා මරණ පරීක්ෂක කාර්යාලයේ දොර විවෘත කිරීමේදී එම දොර ආසන්නයේ සැගව සිටි පුද්ගලයෙකු පහර දී පළා ගොස් ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මරණ පරීක්ෂකවරිය ප්‍රතිකාර සදහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පහර දුන් පුද්ගලයා සොයා මරදාන පොලිසිය වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.














































