මහව පොලීසියට ලද තොරතුරකට අනුව මහව කෝන්වැව ප්‍රදේශයේ නිවසක තිබී ඊයේ (17) දින පුද්ගල මළ සිරුරක් සොයා ගත් බව වාර්තා වේ.
මෙම පුද්ගලයා මිය ගොස් ඇත්තේ ඔහුගේ නිවසේදීම වන අතර මෙම සිඳුවීම වන අවස්ථාවේදී මරණකරුගේ බිරිඳ සහ දරුවා නිවස තුළ නොසිටි බව සඳහන්.
මරණකරු කට්ටඹුවාව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක් බව වාර්තා වේ.
මෘත ශරීරය කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරයි.














































