භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපතිවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය සන්ජේ පෙරේරා පත් කර තිබේ.
ආචාර්ය සන්ජේ පෙරේරා ඖෂධ සහ සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ උපදේශකයෙකු වන අතර සෞඛ්‍ය අමාත්‍යවරුන් වූ ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල සහ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේගේ හිටපු උපදේශකයෙකි.
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සම්පත් දායකයෙක් සහ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ව්‍යාපෘති විමර්ශකයෙක් වන ආචාර්ය සන්ජේ පෙරේරා
මාර්ග අනතුරු වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ කමිටු සාමාජිකයකු ද වේ.
ආචාර්‍ය සන්ජේ පෙරේරා ව්‍යාපෘති විමර්ශකයෙකු වූ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් JOHN HOPKINS විශ්ව විද්‍යාලයයේ සහ GATES VENTURES යටතේ කරවනු ලැබූ COVID ආදර්ශ සහිත නවතම ප්‍රකාශනයේත් තවත් ප්‍රකාශන ගණනාවකත් සම කතෘ වේ.














































