ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් නව ලාංඡනයක්.
මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරීස් කාර්‍යාලයට සියවසක් සැපිරීම නිමිත්තෙන් සමරු ලාංඡනයක් එළිදැක්වීම මහනුවර මහවැලි රීච් හෝටලයේ දී සිඳු කෙරෙණි.
මෙරට වතු ආශ්‍රිත සේවා වෙනුවෙන් ඉන්දියාවේ මෙරටට පැමිණි සංක්‍රමණිකයන් වෙනුවෙන් මහනුවර පිහිටි මෙම කාර්‍යාලය ඉන්දියානු රජයේ නියෝජිත ආයතනය වශයෙන් ස්ථාපිත කරනු ලැබ ඇත්තේ 1923 වර්ෂයේදී ය.
ඉංග්‍රීසි පාලනයෙන් ඉන්දියාව වර්ෂ 1947 දී නිදහස ලැබූ පසු මෙම ආයතනය ඉන්දීය වීසා කාර්‍යාලයක් බවට පත්කර ඇත.පසුව වර්ෂ 1965 දී එය ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්‍යාලය බවට පරිවර්තනය කර තිබේ.
මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් නිර්මාණය කළ සැමරුම් ලාංඡනය එළිදැක්වීමේ අවස්ථාව මෙරට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ අතින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිඳු කෙරුණි.
මහනුවර ඉන්දීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස්.මෙණවිය , මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් , මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න , මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මන්ත්‍රී මදියුග රාජා , ඉන්දීය සහකාර මහ කොමසාරිස් කාර්‍යාලයේ දෙවන ලේකමාර්.සෝමරාජ් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
( ලංකා සර )













































