චීනය විසින් මධ්‍යම ආසියාවේ සංවර්ධනය සඳහා වන සැලැස්මක් එළි දක්වා තිබෙන බවත් , මධ්‍යම ආසියාවේ යටිතල පහසුකම් සහ වෙළඳාම ඉහළ නැංවීම මෙහි මූලික අරමුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව කිරිගිස්ථානය , කසකස්ථානය , ටජිකිස්ථානය , උස්බෙකිස්ථානය සහ ටර්කිමේනිස්ථානය යන රටවල සංවර්ධනය සම්බන්ධයෙන් චීනය මැදිහත් වී කටයුතු කරන බවත් , මධ්‍යම ආසියාවේ සංවර්ධනය වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබා දෙන බවත් වයඹ දිග චීනයේ පැවති මධ්‍යම ආසියානු සමුළුවේදී ප්‍රකාශ කර තිබේ.
තව ද කලාපීය සාමය සහ ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට උපරීම සහයක් දක්වන බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.















































