ගවයින්ගේ සම ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් රෝගය මේ වන විට වයඹ පළාතේ පිහිටි පශු වෛද්‍ය නිලධාරී කොට්ඨාස 46න් 34 කටම පැතිර ගොස් ඇති බව වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පශු වෛද්‍ය ජේ.ඒ.එස්.පෙරේරා මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව එම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් වයඹ පළාතෙන් පිට පළාත් වලටත් , පිට පළාත්වලින් වයඹ පළාතටත් ගවයින් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.














































