පාරිභෝගිකයන් සඳහා කුකුළු මස් සහ බිත්තර සාධාරණ මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි පශු සම්පත් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින ගැටලු ක්‍රමානුකූලව විසඳීමට කටයුතු කරන බව බිත්තර හා කුකුළු මස් කර්මාන්තකරුවන් සමඟ අද (27) පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම කුකුළු මස් සහ බිත්තර කර්මාන්තය විධිමත් අයුරින් පවත්වාගෙන යමින් එම නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයා හට අලෙවි කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් .













































