ඩෙංගු රෝගීන් ආවේක්ෂණය කිරීමේ නව පද්ධතියක් අද (28) එළිදක්වන බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ මෙම නව පද්ධතිය හරහා රෝගීන් වාර්තා වන ප්‍රදේශ නිරීක්ෂණය කර ඒ සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමට හැකියාවක් පවතින බවයි.
වසරේ මේ දක්වා කාලය තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් 48246ක් වාර්තා වී ඇති අතර එයින් වැඩිම රෝගී සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව සදහන්.














































