කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ සහ බේරුවල ජල පොම්පාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අප්‍රේල් 25 වන දින ප්‍රදේශ කිහිපයකට පෙරවරු 9.00 සිට සවස 6.00 දක්වා පැය නවයක කාල සීමාවක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළ බව වාර්තා වේ.
ඒ අනුව කළුතර උතුර , කළුතර දකුණ , බෝම්බුවල , දර්ගා නගරය , කළුවාමෝදර , වාද්දූව , වස්කඩුව , පිලමිනාවත්ත , මොරොන්තුඩුව , අළුත්ගම , බේරුවල , පොතුපිටිය , බෙන්තොට යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.














































