ඇදුම රෝගය හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා පුද්ගලයින් ලක්ෂ පහක් මරණයට පත් වන බව මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා අද (18) මහනුවර පැවති ඇදුම රෝග පිළිබඳ ජාත්‍යන්තර දින සමරු වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ,
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ මහනුවර ජාතික රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා,
“මේක ඉතාමත් භයානක තත්ත්වයක්. ආසියානු, අප්‍රිකානු, දකුණු අමෙරිකානු රටවල වගේ ම තව ත් බොහෝ රටවල ඇදුම රෝග තත්ත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. මේකට හේතුව තමයි රෝගය පිළිබඳව මහ ජනතාව දැනුවත් නොවීම. ලංකාවේ වුණ ත් තත්ත්වය ඒකම තමයි. අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා රටේ ජනතාවගෙන්, ගුරුවරුන්ගෙන් කල් පවතින කැස්ස, හතිය, පපුවේ ‘රූං රූං’ ශබ්දය, නිතර කිවිසුම් යාම, ඇස් හා නාසය කැසීම වගේ ම නිතර උණ ගතිය තියෙනවා නම් වහා ම සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් හමුවී ඒ ගැන හොයා බලන්න කියලා.
ඇදුම රෝගය නිට්ටාවට සුව කරන්න බැරි වුණත් නිසියාකාරව ප්‍රතිකාර ගත්තොත් සාර්ථකව පාලනය කරන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ නිසියාකාරව ලබාගත්තොත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. මෙතන භයානක තත්ත්වය තමයි ඇදුම රෝගය තියෙන කෙනෙකුට නිව්මෝනියාව, කොරෝනා, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග හැදුනොත් ඒ රෝගී තත්ත්වය වඩාත් උත්සන්න හැකියාවක් පවතින එක.”














































