රට තුල පවතින තත්ත්වය හමුවේ එළඹෙන උත්සව සමයේදී මහජනතාව සොරුන්ගෙන් හා ගැට කපන්නන්ගෙන් තමන්ගේ මුදල් හා වටිනා අනෙකුත් දෑ ප්‍රවේශම් කර ගන්නා ලෙස පොලිසීය දැනුම් දී ඇති බව වාර්තාවේ.
උත්සව සමයේදී අහාර ද්‍රව්‍ය, රෙදිපිළි හා අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට ජනතාව වැඩි වශයෙන් ගැවසෙන වෙළදසැල් හා නගරයන් වලදී සොරුන් හා ගැට කපන්නන් ගැන වැඩි අවධානයෙන් සිටින ලෙස පොලිසිය විසින් මහජනතාවට දැනුම් දී තිබේ.
උත්සවසමයේ මහජනතාව වෙනුවෙන් පොලිසිය විවිධ අකාරයේ ආරක්ෂක ක්‍රියාමාර්ගයන් රැසක් ගෙන ඇති බව පොලිස් මාද්‍ය ප්‍රකාශක වරයා සදහන් කර තිබේ.














































