පවතින අධික වර්ෂාවත් සමග කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේ වනවිට පිටාර මට්ටමට ආසන්නව පවතින බවත් මහවැලි අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බව වාර්තා වේ.
එම නිවේදනයෙන් මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ පිටාර මට්ටමට පැමිණි වහාම ජලාශයේ වාන් දොරටු මගින් කොත්මලා ඔයට ජලය මුදා හැරීමට කටයුතු කරන බැවින් ජලාශයෙන් පහළ ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙසටය.
එබැවින් කොත්මලේ වේල්ලලෙන් පහළ කොත්මලා ඔයේ නුගවෙල, රිවර්සයිඩ්, මාවතර ප්‍රදේශ හා මහවැලි ගඟේ උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොල, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට, පොල්ගොල්ල දක්වා ප්‍රදේශ අනතුරුදායක බැවින් ගඟ පරිහරණය කිරීමෙන් වළකින ලෙස ද දැනුම් දී තිබේ.














































