යලකන්නය සදහා ලබාදෙන මඩ (TSP) පොහොර ගොවීනට නොමිලේ ලබාදීමේ වැඩසටහනේ අවසන් අධියරයට පැමිණ ඇති බැවින් මෙතෙක් එම පොහොර ලබා නොගත් ගොවීන් සිටී නම් මෙම මස 10 වනදාට පෙර එම පොහොර ලබාගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලා සිටි.
TSP පොහොර මෙට්ට්‍රික් ටොන් 36000 ක් ගොවි ජන බල ප්‍රදේශ 38 ක් සදහා බෙදා අවසන් කොට ඇති අතර මේ මස 10 දිනයෙන් පසු ඉතිරිවන පොහොර තොග නැවත ප්‍රධාන ගබඩාවට ගෙන්වන බැවින් ගොවියන් හට මෙම දැනුන් දීම කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කොට තිබේ.














































