පාපන්දු ක්‍රීඩාවට අවශ්‍ය කරන පාවහන් යුගළක් පියා ගෙනවිත් නොදුන් නිසා එයට කෝප වූ සිසුවා ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ සිය දිවි හානි කරගෙන ඇත්තේ යාපනය , වඩ්ඩුකෝඩ්ඩෙයි බටහිර ප්‍රදේශයේ 14 හැවිරිදි පාසල් සිසුවෙකි.
මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සමබ්න්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කෙරෙන බව සඳහන්.














































