කඩවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඊයේ (21) රාත්‍රියේ තෙවැනි මහලෙන් වැටී පුද්ගලයකු මියගොස් ඇති බවට වාර්තා වේ.
එසේ මියගොස් ඇත්තේ , 60 හැවිරිදි ඉහළ කරගහමුල, කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හෝටලයේ නවාතැන් ගෙන සිට තනිවම මත්පැන් පානය කරමින් සිටියදී බැල්කනියෙන් ඇද වැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවට මූලික විමර්ශණ වලදී අනාවරණය වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.
















































