ඊයේ (23) පෙරවරුවේ මීගහකිවුල ප්‍රදේශයේ පුද්ගලයෙකු තම නිවස අසළ පිහිටි දෙල් ගසකට නැඟී ඇන්ටනාවක් සවි කරමින් සිටිය දී ඇන්ටනා බටය අධිබලැති විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
විදුලි සැර වැදීමෙන් අනතුරුව මෙම පුද්ගලයා මීගහකිවුල රෝහලට ඇතුළත් කළ ද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව සඳහන්.














































