ඇන්දාන මඩලගම ජනපදය ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බවට වාර්තා වේ.
පසුගිය 16 වනදා සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ 39 හැවිරිදි පුද්ගලයා කහවත්ත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (17) මියගොස් තිබේ.
මරණකරු හා සැකකරුගේ බිරිඳ අතර පැවති අනියම් සබදතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදු කර ඇති බවට අනාවරණය වේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඊයේ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගත කර තිබේ.
ඇන්දාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































