ශ්‍රී ලංකා නාවික හමුදාව,මන්නාරම පොලිසිය හා එක්ව සිලාවතුර ප්‍රදේශයේ ඊයේ (27) දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී ,හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 893ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වන සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ළග තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂ 8කට වැඩි බව සදහන්.
ඔහු ඉදිරි නීතිමය කටයුතු සදහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.














































