ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු ළග තබාගෙන සිටි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
සැකකරු වැල්ලව ප්‍රදේශයේ වෙළෙදසැලකින් ව්‍යාජ දහසේ නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිළදී ගැනීමට යාමේදී ව්‍යාපාරිකයාට ඇතිවූ සැකයක් මත කරන ලද පැමිණිල්ලකින් පසුව කුඹුක්වැව සිංහරාජ ප්‍රදේශයේ පැවති ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී නිවසේ තිබී තවත් ව්‍යාජ නෝට්ටු 16ක් පොලිසියට හමුවී තිබෙන බව සදහන්.
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව වැල්ලෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.














































