අම්පාර ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටදී ගජමුතු 3ක් ළග තබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අම්පාර පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 21ක් වන අතර ඔහු සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (15) දින අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
මේ පිළිබඳව අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














































