දිවුලපිටිය ප්‍රදේශයේදී ගජමුතුවක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ
ඒ සැකකරු විසින් එම ගජමුතුව රුපියල් ලක්ෂ 25 කට විකිණීමට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කර ඇත්තේ.
දිවුලපිටිය පොලිසිය වෙත ඒකල ගුවන් හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව පොලිසිය විසින් දිවුලපිටිය නගරයේ දී කල වැටලීමකට අනුව සැකකරු හා ගජමුතුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.
ගජමුතුව සමග අත්අඩංගුවට ගත්සැකකරු අද ( 2 ) දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.














































