ගල්කිස්ස දුම්රියපොළ අසලදී හෙරෝයින් තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 10ක් සොයා ගත් බවට පොලීසිය පවසයි.
මෙම සැකකරු වයස අවුරුදු 23ක ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ සැකකරු අද (31) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































