බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ බණ්ඩාරගම පොලිසියට ලද තොරතුරකට අනුව බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයෙකු හොරණ පෝරුවදණ්ඩ මගුරුවෙල මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මොහු සන්තකයේ තිබී වෝටර් ජෙල් කරල් 15 ක් සහ ඩෙටනේටර් 5ක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සැකකරු සේවය කරන පෝරුවදණ්ඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ආයතනය පිහිටි භූමියේ කළු ගලක් කැඩීම සඳහා රැගෙන එන ලද පුපුරණ ද්‍රව්‍ය සොරා ගෙන ඇති බවත් , තම වත්තේ පිහිටා තිබෙන ළිඳේ ඇති ගලට බෝර දැමීම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.