විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (01) කුරුණෑගල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2,360 ක් හා මත්පෙති 320 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
සැකකරු පොතුහැර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකි .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කුරුණෑගල පොලීසිය විසින් සිදු කරනු ලබයි.














































