නවගත්තේගම රජවිගම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුකැටියාව ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු පෙරදින රාත්‍රියේ තමන්ට අයත් කුඹුරේ පැල් රැක අලුයම් කාලයේ පාපැදියෙන් නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සදහන්.
මෘතශරීරය පුත්තලම රෝහලේ තැන්පත් කර ඇති අතර නවගත්තේගම පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබයි.














































