ඊයේ (5) පොහෝදින කොට්ටුකච්චිය කච්චිමඩුව ශ්‍රී ගුණානන්ද විහාරස්ථානයේ හිමිනමකට, බීමතින් පැමිණි පුද්ගලයකු, පිහියක් අතැතිව පහර දීමට තැත් කිරීමේදී විහාරස්තානයට පැමිණ සිටී ජනතාවගේ සහය ඇතිව අදාළ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු බීමතින් පිහියක් අතැතිව පොහෝදා ආගමික කටයුතු වල නිරත වීමට සුදානමින් සිටි හිමිනම වෙත කඩාපැන ඇති අතර ඉන් මිදීමට හිමි නම දිව යනවිටදී සැකකරු හිමි නම පසුපස ලුහු බැද තිබේ.
ඒ අවස්ථාවේ රැස්ව සිටි පිරිස එක්ව හිමිනම බේරා ගෙන ඇති අතර රාත්‍රී කාලයේම ආනමඩුව පොලිසිය විසින් විහාරස්ථානයෙදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, අද (6) දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් සදහන්වේ.














































