ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ සැකකරුවෙකු ඊයේ (26) මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
පොලීසිය පවසන්නේ සැකකරුට එරෙහිව මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවයි.
වාර්තා වන ආකාරයට අත්අඩංගුවට ගත් සැකකරු මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස්හිමිකරු ලෙස කටයුතු කර ඇති අතර ඔහු මහනුවර කැන්ඩි විව්ගාර්ඩ්න් ප්‍රදේශයේ පදිංචි සැකකරු 54 හැවිරිදි අයෙක් බව සඳහන් .














































