දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ආගම්වලට අගෞරව වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළා යැයි සදහන් කරමින් සහ අදාළ දේවගැතියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමි ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.













































