මහර බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් රැදවියන් පිරිසක් මරණයට පත් වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ එම ගැටුමෙන් මියගිය සම්පත් පුෂ්පකුමාර නැමැති රැදවියෙකුගේ බිරිද බව සදහන්.
පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.














































