විසුරුවාහැර තිබෙන පළාත් පාලන ආයතන ආපසු කැඳවීමට විෂය භාර අමාත්‍යවරයාට බලය පවරා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහනගර සභා සංශෝදන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (12) පෙත්සමක් ඉදිරිපත් කළ බව වාර්තා වේ.
මෙමඟින් ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වන බව දන්වමින් පැෆරල් සංවිධනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙලෙස පෙත්සමක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇති බව සඳහන් වේ.













































