හිනිදුගම , තලන්ගල්ල ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැලකට අද (03) උදෑසන පෙට්‍රල් අඩංගු වීදුරු භාග බෝතල්වලින් සකස් කළ බෝම්බ තුනකින් ප්‍රකාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
දිගු කාලයක සිට පවතින පෞද්ගලික ආරවුලක් මත එම වෙළඳසැල අසල පදිංචි කුඩුසුද්දා නැමැති පුද්ගලයා සහ තවත් දෙදෙනෙකු විසින් මෙලෙස පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙන බව සඳහන් . මේ සම්බන්ධයෙන් වෙළඳසැල් හිමිකරු විසින් අද (03) උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබා දුන් තොරතුරක් මත හිනිදුගම පොලිසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මෙම ප්‍රහාරයෙන් කිසිඳු අයෙකුට අනතුරක් සිඳු වී නොමැති අතර වෙළඳසැල් හිමිකරුගේ නවතා තිබූ මෝටර් රථයේ දොරකට සහ වෙළඳසැලේ තිබූ බිස්කට් පැකට් වලට සුළු අලාභ හානි සිඳුව ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන්.
සැකකරු දැනට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර හිනිදුගම පොලිසිය සැකකරු සොයා විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.














































