පොලිස් නිලධාරින් කණ්ඩායමක් එකතුවී මාර්ගයේ ගමන් කරමින් සිටි 21 හැවිරිදි තරුණයෙකුට පහර දුන් සිද්ධියක් කදාන ප්‍රදේශයෙන් වාර්තා වේ.
එම නිලධාරින් අතර සිටි ප්‍රියන්ත නම් නිලධාරියා හට මෙවැනි සිද්ධි රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඔහු මීට මාස කිහිපයකට පෙර වෙනත් පොලිස් ස්ථානයක සිට කදාන පොලිස් ස්ථානයට මාරුවක් ලබා පැමිණ තිබේ.
මොහු මාර්ගයේ ගමන්කරමින් සිටින 21 හැවිරිදි තරුණයෙකු නවතා ප්‍රශ්න කර පසුව ඔහුට පහරදීමට කටයුතු කර තිබේ.
එම තරුණයාට මව පමණක් සිටින අතර ඇයද එම අවස්ථාවේ රෝහල්ගත වී තිබීම හේතුවෙන් මවගේ සියලු උපස්ථාන කටයුතු සිදු කරමින් සිටින අහිංසක තරුණයෙකුට මෙලෙස පහරදී තිබේ.
රාජකාරි වේලාවේදිත් මත්වී සිටින එම නිලධාරියා සිය බලය උපරිම ලෙස භාවිතා කරමින් අහිංසක තරුණයින්ට අමානුෂික ලෙස පහර දෙන බවට අනාවරණය වේ.














































