කාන්තාවක් අපයෝජනයට ලක් කළ පොලිස් සැරයන්වරයෙකු මිද්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
අඟුණකොළපැළැස්ස ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් සඳහා විශේෂ රාජකාරී සේවයේ නිරතව සිටියදී මෙම පොලිස් සැරයන්වරයා අදාළ කාන්තාව සිය යතුරුපැදියේ නංවාගෙන කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් දූෂණයට ලක් කර ඇති බව සඳහන් .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුවන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි සැරයන්වරයෙකු වන අතර මොහුව අද (30) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .














































