සිය ඉල්ලිම්වලට ආණ්ඩුවෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින නිසා ඉදිරි දින කිහිපය තුළදී තම සංගමයේ සියලු දෙනා රැස්වී සාකාච්ඡා කර උසස් පෙළ ඇගයීම් කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තීරණයක් ගන්නා බව විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කඩිනමින් විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියන් ප්‍රකාශ කර තිබේ.













































