උතුරට යළිත් පත්වූ ආණ්ඩුකාරිණී චාර්ල්ස්ට එරෙහිව විරෝධයක්.
දෙවන වරටත් උතුරු පළාතට පත්වූ ආණ්ඩුකාරිනී පී.එම්.එස්.චාර්ල්ස්ට විරෝධය පල කරමින් යාපනයේ පිරිසක් නගර සභා පාර අසලදී අද (19) විරෝධතාවයක් පැවැත්වූහ.
විරෝධතාකරුවන් කියා සිටියේ ආණ්ඩුකාරවරිය වශයෙන් වසර තුනක් පමණ පී.එම්.එස්.චාර්ල්ස් උතුරේ සේවය කළ නමුත් එම කාලයේ දී ඇයගෙන් පළාතට කිසිඳු සේවාවක් හෝ මහජනයාගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීමක් සිඳු නොවූ බවය.
ඇයව ජනාධිපතිවරයා විසින් යළිත් ආණ්ඩුකාරධූරයට පත්කොට ඇත්තේ ඇගේ දක්ෂකම නිසා නොව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජයට බලය ආරක්ෂා කර ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ රැඳෙමින් ඇය ලබා දුන් දායකත්වය වෙනුවෙන් පමණක් බව ද විරෝධතාකරුවෝ කියා සිටියහ.
ඇයට එරෙහිව දූෂණ චෝදනා රැසක් ඇති බවත් ඇය ආණ්ඩුකාර ධූරයේ සිටි කාලයේ දී ඇයගේ පවුල වෙනුවෙන් උපයා ගත් නීති විරෝධී දේපල සම්බන්ධයෙන් වහාම පරික්ෂණ පවත්වා ඇයව අත්අඩංගුවට ගත යුතු බවද විරෝධතාකරුවෝ හඬ නගමින් කියා සිටියහ.














































