ඩෙල්ප් හි ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසින් අද (24) උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙන බවට වාර්තා වේ.
එම ප්‍රදේශයේ ජනතාව නෙඩුන්දිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අලුයම සිට විරෝධතාවයේ නිරත වන බව සදහන් වේ.
මෙහිදී ප්‍රදේශ වාසින් නෙඩුන්දිව් ප්‍රාදේශීය ලේකම්වරයා මාර්ගයෙන් නෙඩුන්දිව් පොලිසියට පෙත්සමක් භාර දුන් බවට සදහන් වන අතර ඒ ඔස්සේ ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් ස්ථානය මගින් සෑම ප්‍රජාවකම සුපරික්ෂාකාරී කමිටු පිහිටුවීම ආදී විවිධ ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර තිබෙන බව සදහන් වේ.














































