සොරකම් නඩු 11ක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු 11ක් ලබා සිටි මෙරට ලියාපදිංචි අපරාධකරුවෙකු හොරණ නගරයේදී අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම සැකකරු පොල් කඩනවා යැයි පවසා හොරණ පොලිස් බල ප්‍රදේශයේ සැරිසරා නිවාස 11 ක දේපල සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත සිටි අයෙක් වන අතර මොහුට එරෙහිව තිබූ නඩු 11ට ඉදිරිපත් නොවී අධිකරණය මඟහැරීම හේතුවෙන් සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබුණි.
මෙම සැකකරු අඟුරුවාතොට වැලිකැටල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක් වන අතර සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.














































