වාර්ෂික සමස්ත ආදායම ලක්ෂ 12 ඉක්මවන පුද්ගලයින් ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කර ගැනීමට කටයුතු කරන ලෙස දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඉල්ලීමක් සිදු කළ බවට වාර්තා වේ.
දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ දෙවන මහලේ ස්ථාපිත කර ඇති ලියාපදිංචි අංශයට පැමිණ හෝ ඊ සේවාව මගින් හෝ දේශිය ආදායම් ප්‍රාදේශීය කාර්යාලවලදී ද මෙම ආදායම් බදු ලිපි ගොනු විවෘත කර ගැනීම සදහා පහසුකම් සලසා ඇති බවට එම දෙපාර්තමේන්තුව මගින් නිවේදනය කර තිබේ.














































