ජල නල එළීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් වැලිකඩ – රාජගිරිය මාර්ගයේ මැද වැලිකඩ පාර මංසන්ධියේ සිට මාදින්නාගොඩ මංසන්ධිය දක්වා මාර්ගය අද (01) පස්වරු 5.00 සිට 4 වැනිදා අලුයම 5.00 දක්වා වසා තැබෙන බව වාර්තා වේ.
මෙම කාල සීමාව තුළදී රාජගිරිය පාරේ මැද වැලිකඩ මංසන්ධිය , මොරගස්මුල්ල මංසන්ධිය සහ මාදින්නාගොඩ මංසන්ධියෙන් මාර්ගය වසා තැබෙන බවත් , ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය දන්වා සිටින බව සඳහන් වේ.














































