ඊයේ (20) උදෑසන ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දී කාර්‍ය මණ්ඩලය රහිතව ගුවන් ගත කෙරුණු ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුව වන Starship රොකට්ටුව සිය මංගල ගමනේදීම පුපුරා ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම රොකට්ටුව විනාඩි තුනක පමණ කාලයක් තුළ දී පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 40ක් පමණ ඉහළට ගොස් පුපුරා ගොස් ඇති අතර නැවත වරක් මේ සම්බන්ධයෙන් උත්සාහ ගන්නා බව ඉලොන් මස්ක් ප්‍රකාශ කළ බව සඳහන්.















































