විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දැනුන දී ඇත්තේ සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් හට “පෝට් සුඩාන්” නගරයේ තිබෙන සෞදිඅරාබි රජයේ මෙහෙයුම් මැදිරිය වෙත පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර ඇති බවයි.
ඒ එහි රජය විසින් පෝට් සූඩාන් නගරය තුළ විශේෂ ආරක්ෂිත හෝටලයක මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කර ඇති බවත් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට එම ස්ථානයට පැමිණ එරටින් පිටවීමට ද හැකියාව ඇති බව සදහන් කොට තිබේ.
ඒඅනුව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් 13 දෙනකු මුදවා ගත අතර එහි සිටින සියලුම ශ්‍රීලාංකික පුරවැසියන් ආරක්ෂිතව ඉවත්කර ගැනීමට අවශ්‍ය සියලු කටයුතු ගෙන ඇතිබව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කර තිබේ.














































