යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ දෛනික භාවිතය සඳහා මුහුදු ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සූදානම් වන බවත් , මෙම ව්‍යාපෘතියෙන් පවුල් 60,000කට අයත් ලක්ෂ 03කට පමණ ප්‍රතිලාභ හිමිවන බවත් එම මණ්ඩලය ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .
එමෙන්ම ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් , ලබන වසරේ මුලදී එය අවසන් කිරීමට නියමිත බවත් එම මණ්ඩලය සඳහන් කර තිබේ .
අදාළ ව්‍යාපෘතිය සඳහා නළ මාර්ග සම්බන්ධ ටෙන්ඩර් කැඳවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇති අතර එය අනුමත වූ වහාම ටෙන්ඩර් කැඳවීමට නියමිතව තිබේ .














































