අද (22) අලුයම 5.30 ත් 5.45ත් අතර දිවයිනේ ප්‍රසීද්ධ පාවහන් අලෙවි ව්‍යාපාරිකයෙකුගේ බොරැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකට ගිනි අවියකින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
මෙසේ වෙඩි වැඩී ඇත්තේ මෙම ව්‍යාපාරයේ හිමිකරුගේ පුත්‍රයෙක් පදිංචි නිවසකට වන අතර ඔහු එහි කළමානාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර ඇති බව සඳහන් වේ.
යම්කිසි පෞද්ගලික කරුණක් හේතුවෙන් භිය ගැන්වීම සඳහා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව බොරැල්ල පොලිසිය ප්‍රකාශ කර තිබේ.














































