ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ.
බීමතින් සිටි පුද්ගලයකු සිය නිවසේ වෙඩි තැබීමට පුහුණු වෙමින් සිටියදී අසල නිවසක පුද්ගලයකු ඇවිත් තම කුඩා දරුවාට නිදා ගැනීමට අවශ්‍ය බැවින් ඊට බාධා නොකරන ලෙස ප්‍රකාශ කර ඇති අතර එම ප්‍රකාශයට උරණ වූ එම පුද්ගලයා අසල්වැසියාගේ නිවසටම ගොස් වෙඩි තබා තිබේ.
එහිදී 8 හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව සදහන්.
වෙඩිතැබීම සිදුකළ සැකකරු පළා ගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.















































