මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (12) දින පස්වරුවේ සිට විවෘත කර ඇති බවට නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය දැනුම් දී ඇති බව වාර්තා වේ.
එම ප්‍රදේශයට තවදුරටත් තද වැසි පතිත වුවහොත් එම ඉහළ කොත්මලේ ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රියව විවෘත වීම සිදුවෙන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස ප්‍රදේශවාසීන් සැලකිලිමත්ව සිටින ලෙසට එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටී.













































