අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින ‘හරක් කටා’ ඉන් මුදාගැනීම සඳහා සැලසුමක් සකස් කිරීමේ සිද්ධියට අදාළව හිටපු කොමාන්ඩෝ ස්නයිපර් සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මාතර ගොඩගම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති එම සෙබළාගේ වයස අවුරුදු 33කි.
අත්අඩංගුවට ගත් සැකකාර කොමාන්ඩෝ සෙබළා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදී තිබේ.














































