ආණ්ඩුකාරවරුන් සමඟ පළාත් පාලන ආයතන පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව පැවත් වූ සාකච්ඡාවක දී නගර සභා ලේකම්වරුන් සහ මහ නගර සභා කොමසාරිස්වරුන් පැය 24 පුරා සක්‍රීය සේවයේ යොදවන ලෙසට උපදෙස් ලබා දුන් බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මොවුන් හට විශේෂ දීමනාවක් ගෙවන ලෙස ද උපදෙස් දුන් බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කරන ලදී.














































